Lyrics
(වන මලක වසාගෙන රන් සමනළියක
උරන්නේ පිණි බිංදු
මගේ ආදරවන්තිට දැනෙන්නේ නැති හැටි
මගේ කඳුළු බිංදු......//)
විරසක වෙන්නට කලියෙන්
සිරසට දුන්නෙමි ඔවදන්
විෂ පෙවූ දළ හසරැල්ලෙන්
(පෙම අරන් ගියාද කැදැල්ලෙන්.....//)
වන මලක.......
ලස්සන මල් පර වෙද්දෙන්
පිංබර සඳ බැස යද්දෙන්
සැමදා මා තනි වෙද්දෙන්
(ඔබ යනවද මගේ හිත මැද්දෙන්.....//)
වන මලක.......//