වළි කුකුල්ලු ඇවිදින්wali kukullu aewidhin

Wali Kukullu Awidin

Lyrics

වළි කුකුල්ලු ඇවිදින් මැණිකේ හේනට ඇවිදින්
අර බලන්න අර කඩුල්ල ලඟ අල්ලන සවුදං //

වී කරල් පුරා දාඩිය ඇත වැගිරෙන අන්දම්
කිරි කුරහන් වල කිරි දත් දරු හුරතල් අන්දම්
නිලි වැස්ස යටින් කරල් හොරුන් රංචුව ඇවිදින්
වැට කඩුල්ල අවුරනු මැණිකේ අත අහවර නම්

වළි කුකුල්ලු ඇවිදින්... //

වලි කුකුල්ලනේ රුවට රුවයි නුඹලගෙ වන්නම්
මේ මහන්සියෙන් කරල් මිටක් කන්නට දෙන්නම්
අපෙ බංඩි ටිකිරි පැටව් ටිකට මදිවෙයි නැත්තම්
මතු මඟුල් දාට නුඹලාටත් එන්න කියන්නම්


වළි කුකුල්ලු ඇවිදින්... //

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.