වළාකුළු පෙලින් බසින්නwalaakulu pelin basinna

Walakulu Pelin Basinna

Lyrics

වළාකුළු පෙලින් බසින්න
ඇවිත් මල් ගැබේ නිදන්න 
චන්ද්‍ර කුමරියේ කාටද නුඹගෙ ආදරේ 
මටද ආදරේ අසාවී මෙසේ තුන් යම 
දිලී තාරුකා මල්දම 
කියා නෑ තාම හිත රැඳි සුසුදු ආදරේ… 
සුසුදු ආදරේ....

(දේවතාවියක් විලසින පාන හස කැළුම් නුබ ගැබ...//) 
පතා ඉන්නෙමි සඳවත නුඹගෙ ආදරේ… නුඹට ආදරේ 
(අහස් ඟං කුසින් බැසගෙන මිහිමතට එම්ද කෙළෙසින.....//)
රැදී ඉන්නෙමි සැමදින අහස් ඟං කුසේ දෙව්ලියක් ලෙසේ.....

(දේවදාර තුරු පාමුල තාම මම හිඳිමි තනිවම....//)
දින ගන්නෙදෝ කෙළෙසින නුඹගෙ ආදරේ නැතිද ආදරේ 
(තරුකා වනේ සරමින නුඹ නමින් දිළෙමි සැමදින....//)
සදා හිනැහෙමි හිඳගෙන අහස් ඟං කුසේ….
නුඹට ආදරේ… මටද ආදරේ… 
නුඹට ආදරේ… මටද ආදරේ නුඹට ආදරේ…
මටද ආදරේ නුඹට ආදරේ…

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.