Lyrics
වළාකුලින් බැස සමන් කුළත් වැඳ
එලෝ බලා යනවා
අනේ මගෙන් වැඩ ගනිවු ගනිවු හඬ
හඬා ඔහේ යනවා
දැවේ දැවේ බිම් දිදී රදස් දුම්
බැලූ බැලූ හැමතේ
යවවු යවවු මා එහේ මෙහේ හා
ගිමන් නිවා පොළොවේ
වලාකුලින් බැස .....
එදා රටේ මේ දනෝ තැතින් මා
තැනින් තැනේ රඳවා
මගෙන් වැඩක් ගෙන මටත් වැඩක් කොට ලොවේ නමක් තැබුවා
වැඩක් නොගත් දිය හඬා දොඩා
මේ මුවේ බලමේ මුවේ බලා යනවා
හැපී සිඳී සිඳු තෙරේ වැදී
කරදියෙන් එලෝ යනවා
වලාකුලින් බැස .......