වළාකුලක්සේwalaakulaksee

Walakulakse

Music:
නවරත්න ගමගේnawarathna gamagee

Lyrics

වලාකුළක්සේ නුඹ ඇවිදින්
රහසේ පාව ගිහින්
පිනි වැස්සක්සේ සිසිල අරන්
නැවතී ඉන්න ළඟින් 
නැවතී ඉන්න ළඟින්

ඉර හඳ ඉල්ලා නොම හඬනා නුඹ
මට නොදැනුනා නොවෙයි
සඳවත දිදුලන නෙතු අග කඳුලක්
ගුලිවෙලා වගේදෝ ඇයි

වලාකුළක්සේ නුඹ ඇවිදින්...

නුඹෙ සිත වෙනතක සිරවී ඇති බව 
මට නොදැනුනා නොවෙයි
එනමුදු සොඳුරිය මගෙ පෙම් අරණේ
නුඹ සුපිපුන කුසුමයි

වලාකුළක්සේ නුඹ ඇවිදින්...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.