වළාකුලක්walaakulak

Walakulak

Lyrics

(වළාකුලක් පලා අම්ඹරේ
සිනා නඟන සදේ කැන් පිරේ
ඔබේ මුහුණ දකින වරේ
හදේ අඳුර තුරන් කෙරේ
පසළොස්වක පොහොය මට අදයි
පසළොස්වක පොහොය මට අදයි)..//

(දස දහසක් සුර ළඳුන් මැද
පරසතු මල් සුවඳ විඳ විඳ)..//
සිටියත් ඔබ ළගින්  නැති සඳ
මට සක්විති පදවි කුමටද

වළාකුලක් පලා ....

(දසන්තයේ දද නංවාලා
කසුන් අසුන් මත රැන්දීලා)..//
සුව වින්දත් ඔබ නැති වීලා
මට පල නැත කිරුල දරාලා

වළාකුලක් පලා ....//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.