වළා තීරයෙන් එහා walaa thiirayen ehaa

Wala Theerayen Eha

Music:
රෝහණ වීරසිංහroohana wiirasinha
Lyrics:
කුලරත්න අරියවංසkularathna ariyawansa

Lyrics

වළා තීරයෙන් එහා 
කොහේද ලෝකයක්..
සොයා ඇදෙන් පැතුම් බිඟුන් 
අපේම ලෝකයක්
අපේම ලෝකයක් ...//

තරංඟයක් ලෙසින් අදී 
බිදී නොයන් සිතින්..
වසන්තයක් ලෙසින් උදාව 
එන්න ජීවිතෙන්...

වළා තීරයෙන් එහා.../

සිහිල් සහන් සුසුන් සරින්
පවන් රොදක් ලෙසින්...
නැවුම් පැතුම් අරන් වඩින්න 
පෙම් උයන් දොරින්...

වළා තීරයෙන් එහා.../

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.