වළා රොදක්walaa rodhak

Wala Rodak

Music:
නවරත්න ගමගේnawarathna gamagee

Lyrics

සයුර ගලා දළ රළ පෙරලා
මුදු පෙණ මල් වෙරළේ අතුරා
පූදින්නේ ආදරයයි
ආදරයයි 

පුර හඳ කළුවර කවුලු සිඹින කල 
කුමරිය ‌වී නුඹ පෙම් සිහිනේ
හද ගැහෙනා මානේ

කුසුමක්වී තනියට ඉන්නම්
බොල් පිනි වැටෙනා අරුනැල්ලේ 
බොල් පිනි වැටෙනා අරුනැල්ලේ 

නුරා මතින් අඩවන්වූ දෙනෙතක
ඇරයුම් පිපිදීලා මුදු දෙතොලග
ඉවසා හිඳිනු කෙසේ

සම්මතයේ රැහැන් මුදා එන්නම්
ඉගිල්ලිලා යමු විහඟ රැලේ 

වළා රොදක් මීදුම තැවරූ
කඳු උරයේ දැවටී සොඳුරූ
මුමුනන්නේ ආදරයයි 
මුමුනන්නේ ආදරයයි

සයුර ගලා දළ රළ පෙරලා
මුදු පෙණ මල් වෙරළේ අතුරා
පූදින්නේ ආදරයයි
ආදරයයි

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.