වලාකුලක් ගෙන මුවාකරමු හිරුwalaakulak gena muwaakaramu hiru

Wala Kulak Gena Muwa Karamu Hiru

Music:
රෝහණ වීරසිංහroohana wiirasinha
Lyrics:
ප්‍රේම කීර්ති ද අල්විස්preema kiirthi dha alwis

Lyrics

චිත්‍රපටය: සහරාවේ සිහිනය (1990)

(වලාකුලක් ගෙන මුවාකරමු හිරු 
ගිනිගෙන වියරුව නලියන වැලිකතරේ
රත්වුනු වැලිකැට පුපුරන
මැද පෙරදිග මරුකතරේ)....//

වතුර මලෙන් නා දොල අමතක කර
දූලි සුලං විඳ වෙල අමතක කර
විදුලි පහන් මැද සඳ අමතක කර
දෙපා අභියසට ගමු අපි සුරපුර

වලාකුලක් ගෙන මුවාකරමු..../

නගර දනව් මැද සුවිසල් මන්දිර
අතර උපන් රට නොරකින් ලංකර
පඳුරු පතොක් කටු අත ගා උල්කර
විනෝද වෙමු අපි ලේ මස් දියකර

වලාකුලක් ගෙන මුවාකරමු.....//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.