වැල් දොඩම් මලකwael dhodam malaka

Wal Dodam Malaka

Lyrics

වැල් දොඩම් මලක
වැල් දොඩම් මලක 
සුදු මල පෙති හරි සුමුදුයි
ඔබෙ මුහුන වගේ පුංචි නගේ
දම් පහැය ගත්ත එමල් පෙති 
ඔබෙ ඇස් දෙක වාගේ
පුංචි නගේ....

සුලග සමග දග කරනා සුදු මල් පෙති වාගේ
සුලං සමග පොර බදනා සුදු සාරිය ඔබේ
බලං ඉන්න මට හිතුනා ඔය නෙත් දෙක ඔබේ
මල් රේනු වගේ සැලුනා නෙත් පිහාටුවක් ඔබේ.....

වැල් දොඩම් මලක......

සදෙන් සදට කල් ගෙවුනා ඔබ හන්දා මාගේ
නැකත් දවස ලග එනවා අපෙ මංගල දිනේ
මලක් වගෙ ඔබ තියලා රන් කූඩුවෙ මාගේ
ඇහැක් වගේ ගනිමි බලා මගේ පුංචි නගේ....

වැල් දොඩම් මලක......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.