වැහිලිහිණියේ නුඹ නාවේ ඇයිwaehilihiniyee numba naawee aeyi

Wahilihiniye

Lyrics

වැහිලිහිණියේ නුඹ නාවේ ඇයි
දුර ඈත ඉගිලුණිදෝ 
ආයේ දවසක සෑදෑ වරුවක 
දකිනු බැරි වෙයිදෝ

වස්සානයේ මල් හිනා පොකුරින් 
දෝත ගෙනා ඔබ ඒවි යැයි මා
වස්සානේ අවසානේ වන තුරු
බලාගෙන හිටියා

වැහිලිහිණියේ නුඹ ආවේ නෑ 
මං බලාගෙන හිටියා //

එලබෙනා ඊළඟ වසන්තයට 
නැවිදින් ඉන්නට පාලුව
ආයේ සැරයක් එක වතාවක්
දකින්නට ආසයි

වැහිලිහිණියේ නුඹ ආයෙමත් 
දකින්නට ආසයි //

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.