වැහි පබළු සැලී ඉගි කරනා හැටීwaehi pabalu saelii igi karanaa haetii

Wahi Pabalu

Lyrics

වැහි පබළු සැලී ඉගි කරනා හැටී 
දෙව් දුව ඇසිපිය ගසති 
මග දෙපස රැදී ඔබ දෙසට හැරී
මම නෙතු නොපියා හිදිමී//

ළැම සළු විහිරී නෙතු මතම වැදී
උම්මාද සුසුම් හෙලමී.......//
සිහිනෙන් දකිමී
සිහිනෙන් දකිමී
මල්කිණි මම සිබින හැටී

වැහි පබළු සැලී......

රතගිලී සුවදී හිස පිරිමදිමී
ඔබ දැක මුනිවත රකිමී//
මම පෙම් බදිමී 
මම පෙම් බදිමී
සිහිනෙන් ඔබෙ සුව විදිමී


වැහි පබළු සැලී....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.