වැහි දිය මහ බිම තෙමුවට බිම තෙමන්නෙ වැහි විතරදwaehi dhiya maha bima themuwata bima themanne waehi witharadha

Wahi Diya Maha Bima

Lyrics

වැහි දිය මහ බිම තෙමුවට බිම තෙමන්නෙ වැහි විතරද
රෑ අහසේ තරු තිබුනට තරු තියෙන්නෙ රෑ විතරද
විහගුන් පෙම් ගී ගැයුවට ගී කියන්නෙ උන් විතරද 
මට නුබ විතරක් උනාට නුබට ඉන්නෙ මන් විතරද 

රෝස පතක කවි ලිව්වේ සුවද දිදී තියාගන්න 
මේ විදියට ගී ගැයුවේ ඉන්න තැනකදී ඇහෙන්න..
මේ විදියට ගී ගැයුවේ..... ඉන්න තැනකදී ඇහෙන්න....

රෑ අහසේ තරු තිබුනට තරු තියෙන්නෙ රෑ විතරද..
මට නුබ විතරක් උනාට නුබට ඉන්නෙ මන් විතරද...

උස අත්තක මලක් උනේ ගව් ගනනක් උඩින් ඉන්න
අවසානේ උරුම උනේ මල් පොකුරක එකක් වෙන්න..
අවසානේ උරුම උනේ.... මල් පොකුරක එකක් වෙන්න..

වැහි දිය මහ බිම තෙමුවට බිම තෙමන්නෙ වැහි විතරද...
රෑ අහසේ තරු තිබුනට තරු තියෙන්නෙ රෑ විතරද...
විහගුන් පෙම් ගී ගැයුවට ගී කියන්නෙ උන් විතරද.... 
මට නුබ විතරක් උනාට නුබට ඉන්නෙ මන් විතරද...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.