වහwaha

Waha

Music:
චන්දන වල්පොලchandhana walpola
Lyrics:
රේරූreeruu

Lyrics

මගේ හදේ මැද්දේ ඔබෙ ආදරේට භවනක් සදා 
ඒ භවනෙ නුඹ හිඳුවා ආදරේ කළා පෙරදා 
කලකිරුමකුත් තියෙනවා නුඹ ඒක දන්නවා 
ආදරෙයි රවටාලා මට වංචා කළා 
දෑස් පේන මානේ මා රිදෙව්වත් තියා 
නෑ කඳුළු දෑසේ තව වැටෙන්නට කියා 
නුඹම නේද දුන්නේ කැමති වීලා මට බහා 
ඇයි එදා නොදුන්නේ ඔය අතින් මට වහා 

(පසුතැවෙන්නට එපා 
බොරුවට හඬන්න එපා  
අද විඳින්න බැරි ආදරේ 
හෙට හොයන්නට එපා...//)
පවට පින යා නොදේ 
නුඹට නෑ මා අගේ 
දැනෙන දා ආදරේ 
නුඹ හිතින් මිය ඇදේ 
 
නුඹම නේද දුන්නේ කැමති වීලා මට බහා 
ඇයි එදා නොදුන්නේ ඔය අතින් මට වහා 

(හිත පතුලට කා වැදී 
නුඹ දුන්නු දුක හරි වැඩී 
එක දිගට තරහා වෙවී 
අපි එකට හිටියා ඇතී...//)  
පවට පින යා නොදේ 
නුඹට නෑ මා අගේ 
දැනෙන දා ආදරේ 
නුඹ හිතින් මිය ඇදේ 

මගේ හදේ මැද්දේ ඔබෙ ආදරේට....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.