වැඩිමල් ඔයාwaedimal oyaa

Wadimal Oya

Music:
චතුරංග වර්ණසේකරchathuranga warnaseekara
Lyrics:
චතුරංග වර්ණසේකරchathuranga warnaseekara

Lyrics

මට වැඩිය වයසින් වැඩිමල් ඔයා 
මගෙ හුස්මටත් වැඩිය වටිනවා ඔයා 
ලෝකයම වැරදියට දැක්කත් ඔයා 
ජිවිතේ ගියත් මගෙ යන්නේ නෑ දමා... 

ඔබ ගාව හයියක් වෙලා ඉන්නවා 
පන ටික මගේ ඔබට භාරයි සදා...//
දෛවය තමා හැදුවේ මේ පරතරේ
මට පෙර ඔයා ලෝකයට ඉපදුනේ 

දෙහිතක් හොඳින් ගැලපිලා ඇති වෙලේ 
බාදා ගණන් නොගෙන වෙමු අපි අපේ 
ලෝකයම වැරදියට දැක්කත් ඔයා 
ජිවිතේ ගියත් මගෙ යන්නේ නෑ දමා...
ඔබ ගාව හයියක්.../

දිව්රන්න මගෙ  හිතට ඔය අත තියා   
යන්නේම නෑ කියල මේ හිත දමා 
දෙවි පිහිට නිරතුරුව ලැබිලා සදා 
ලග ඉන්න මගෙ මැණික මගෙ පන වෙලා 
ලෝකයම වැරදියට දැක්කත් ඔයා 
ජිවිතේ ගියත් මගෙ යන්නේ නෑ දමා...
ඔබ ගාව හයියක්.../

මට වැඩිය වයසින් වැඩිමල් ඔයා.../
ඔබ ගාව හයියක්...//
 

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.