Lyrics
වියෝගයක පෙර නිමිති දැනේ
අභිනික්මන ලං ලංව පෙනේ //
වියෝගයක පෙර නිමිති දැනේ
ගිලිහී මධු බිඳු රැඳුණු පෙම් වදන්
කෙටි වී කවියෙන් රචිත පෙම් හසුන්
හෝරා දින සති බවට පෙරළමින්
අඩුවී යයි මුණගැසෙන දින ගණන්
වියෝගයක පෙර නිමිති දැනේ
අභිනික්මන ලං ලංව පෙනේ
වියෝගයක පෙර නිමිති දැනේ
නැවතී උතුරා ගැලු රසකතා
පිලීසඳරේදී වැඩෙයි නිහඬනා
දෙදරා පෙරදා පැවති සබඳතා
මොහොතක් පාසා බිඳෙයි සුහදතා
වියෝගයක පෙර නිමිති දැනේ
අභිනික්මන ලං ලංව පෙනේ
වියෝගයක පෙර නිමිති දැනේ