Lyrics
විසික්කෙරුව සිත යළිත් අහුලගෙන
මැණික් කැටය ලෙස මගේ තුරුලට ගත්තා දවසක්දා
අනන්තයට යන දිගන්තයට මඟ අලංකාර වේ
රැඳුණොත් ඔබ මා හා ඔබ මා හා
නෙතේ කඳුළු හැර සිතේ සුසුම් බිඳ සිනා පුරෝගෙන
මුව හසරැලි කැන්දා ඉමු සැමදා.....
මත සිනිටුයි සිත එය පාරන්න එපා
දෙව්බඹ කළඹා දුරලන්න එපා
විසිතුරු මල් දැකලා කලබල වෙන්න එපා
මා පමණයි ඔබ ඉන්නේ සැමදා.....
පිවිතුරු සෙනෙහේ පමණින් මනිනු එපා
ලස්සන ලෝකය වරදින් දකිනු එපා
හිඳිනට සෙනෙහේ සිතින් විඳිනට සුවේ ඉතින්
මා පමණයි ඔබ ඉන්නේ සැමදා.....
විසික්කෙරුව සිත යළිත් අහුලගෙන
මැණික් කැටය ලෙස මගේ තුරුලට ගත්තා දවසක්දා
අනන්තයට යන දිගන්තයට මඟ අලංකාර වේ
රැඳුණොත් ඔබ මා හා ඔබ මා හා
නෙතේ කඳුළු හැර සිතේ සුසුම් බිඳ සිනා පුරෝගෙන
මුව හසරැලි කැන්දා ඉමු සැමදා....