විශ්වය විනිවිදwishwaya winiwidha

Vishwaya Vinivida

Music:
දර්ශන රුවන් දිසානායකdharshana ruwan dhisaanaayaka
Lyrics:
අමිල තේනුවරamila theenuwara

Lyrics

විශ්වය විනිවිද මන්දාකිණියම නුඹේ ඇසින් දකිමි
හාත්පසම රැකවරණ ලබා දී
කාත්කවුරුවත් නොමැති නුඹ ළඟින්
සදා හිඳිමි නොපෙනී
දුර සිටියත් ආලෝකය ශත වසක්
තරු එළියත් මහ පොළොවට ඒ නම්
ඇයි නුඹ මට අහිමි

දේවත්වයේ ඇති සොඳුරුම රූපය
ආදරයම බව නුඹගෙන් හඳුනා
අනාදර ලොවෙන් නුඹ මුදවාලමි 
නුඹ මුදවාලමි

අසීමාන්තික ප්‍රේමය මට දුන්
නුඹේ උතුම් දෙව් ආත්මයට මං
පේවීලා හිඳිමී

දිව්‍යෙලාවක මිනිරුවන් සැඟව ගිය
ජීවිතයේ අළු බඳුන විසුරුවා
ආත්මයටම මාගේ සුළඟට මුසු කර
සුළඟට පා කරමි

අසීමාන්තික ප්‍රේමය ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.