විශ්වාසද හරි කියලාwishwaasadha hari kiyalaa

Vishwasada Hari Kiyala

Music:
ප්‍රගීත් පෙරේරාpragiith pereeraa
Lyrics:
හර්ෂණ කේ පෙරේරාharshana kee pereeraa

Lyrics

හිත් දහසක් ලං උනත් ඔබෙන් ඉවත් වෙලා 
ඇස් පාරන් යන්න බෑ සැනිස් වෙනස් වෙලා
පිං පාටයි ආදරේ රැවැට්ටුවත් ඔයා
විශ්වාසයි නෑ කලේ වැරැද්දකුත් මෙමා 

නවතින්නම් මෙතනින් කියනවනම් මන් හේතු නොඅසා 
සත්තයි රත්තරනේ පනටත් වැඩියෙන් ආදරේ කලා 

ආගන්තුක සෙනෙහක් ලබලා
විශ්වාසද හරි කියලා
හොඳ පාඩම් මට මේවා ඔබ දීපුවා....//

අදහාගත් රූපය ආදරේ පෙන්නා
අවසානයි කාලය දී සතුට ගත්තා 
අමනාපෙන් ලෝකය මා කෙරේ දන්වා 
අවදානම් ආදරයේ දුකත් දුන්නා 

නවතින්නම් මෙතනින් කියනවනම් මන් හේතු නොඅසා 
සත්තයි රත්තරනේ පනටත් වැඩියෙන් ආදරේ කලා 

ආගන්තුක සෙනෙහක් ලබලා....//

විඳවාගත් ජීවිතයේ හිඩස් තිබ්බා 
සිනහාවෙන් ආසම වේදනා දුන්නා 
සුලු කාලෙත් ඒ ඇති ආදරෙන් උන්නා 
අමතක වී නෑ මතකේ තියා ගත්තා 

නවතින්නම් මෙතනින් කියනවනම් මන් හේතු නොඅසා 
සත්තයි රත්තරනේ පනටත් වැඩියෙන් ආදරේ කලා 

ආගන්තුක සෙනෙහක් ලබලා....//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.