විරාමයක්wiraamayak

Viramayak

Music:
භාෂි දේවංගbhaashi dheewanga
Lyrics:
නිසල් ගමගේnisal gamagee

Lyrics

පෙම්වන්තී අතීතය විරාමයක් දෙසිත් නතරකර 
පෙම්වත්වී ගෙවූ ඒ සුයාමයත් ඒද මතකෙට
නෑසේවා බිඳක් බිඳී සැලෙයි  සුසුම්ද සිර කල
නුදුරේ මා වුවත් දුරක් ගියේ ඔබයි නිහඬවම

හිත බැඳි ස්නේහවන්ති නුඹ
වැඩිපුර ආලවන්ත වුන
උණුහුම් තාල ගේන හිත
හෙමින් සැලුනා පෙමින් වෙලුනා
විරසක හීන මංසලක 
නැවතුනේ මා නොවෙයි එ ඔබ
නුහුරු නුපුරුදුව ඈත දුර
ගිහින් තිබුනා පෙමින් බැඳුනා 

විඳගත් හාදුවේ දුන් නිකැළැල් ආදරේ
බිඳුවක් මා ළයේ නුඹ සොයනා
ඇරයුම් නොකළ පෙම් සාදේ
නුඹ කෝ අහිමි සඳ මාගේ  
පිලියම් සොයමි තුන් යාමේ
තහනම් වචනයකි ආලේ

හිත බැඳි ස්නේහවන්ති නුඹ....//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.