වින්දේ ඔබ නිසා (මේඝනා)windhee oba nisaa (meeghanaa)

Vinde Oba Nisa (Meganaa)

Music:
රොෂේන් වලිසුන්දරrosheen walisundhara
Lyrics:
මිලත්තැවේ සුගත් හිමිmilaththaewee sugath himi

Lyrics

මේඝනා...

ඔබට ආදරේ විහිළුවක්
මට ජීවිතේ සම්පතක්
ඔබේ ආදරේ නැතිවුනත්
වට්ටන්න බෑ දශමයක්
හිතුවද මං වැඳ වැටිලා
පසුපස එයි ඔබේ කියලා
එය හීනයක්ම හින්දා
මං ලුහුබඳින්නට එපා

(වින්දේ ඔබ නිසා
විඳවන්නෙත් ඔබ නිසා
දැන් ආදරෙත් ඔබ නිසා
හරි තිත්තයි මේඝනා)..//

හදවත පෙලනා ආදරයක පැටලුනු දෛවය අපගේ
මෙතුවක් දුර ආ මාවත ඉවරයි සදහට මැකුණේ
බොරුවක්ද නුඹෙන් මා දුටුවේ
රැවටීම ඔබේ රංගනයේ
මහ ලොකු ආදරයක්
ඒතුල මා නම් නෑ දුටුවේ

(වින්දේ ඔබ නිසා
විඳවන්නෙත් ඔබ නිසා
දැන් ආදරෙත් ඔබ නිසා
හරි තිත්තයි මේඝනා)..//

සුසුමන් ගැහෙනා පපුවක ඇති මේ වේදනාව දන්නේ
ආදරේ පණමෙන් කළ අයමයි දැනගන්න මගේ වස්තුවේ
බොරුවක්ද නුඹෙන් මා දුටුවේ
රැවටීම ඔබේ රංගනයේ
මහ ලොකු ආදරයක්
ඒතුල මා නම් නෑ දුටුවේ

ඔබට ආදරේ විහිළුවක්....

වින්දේ ඔබ නිසා....//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.