විලක නෙළුම්wilaka nelum

Vilaka Nelum

Music:
වික්ටර් දළුගමwiktar dhalugama
Lyrics:
ප්‍රේම කීර්ති ද අල්විස්preema kiirthi dha alwis

Lyrics

විලක නෙළුම් මට කුමට ද
ඔබ හිනැහේ නම්
නෙතක කැළුම් විඳ සැතපෙමි
ඔබ සෙවනේ මම් ...//

ගිම්හානය ගත දවමින් වියළි මිහිතලේ
පවස නැඟේ මා රඳවයි ලොවක නිසසලේ
හෙට අළුයම ගෙට ගෙන එමි ළහිරු රැස් දියේ
වසන්තයේ පණිවිඩයත් රැගෙන එමි ප්‍රියේ

විලක නෙළුම් මට කුමට ද .../

උදා නොවන උදෑසනක් රැයෙහි සිත සිතා
බලා හිඳිමි අවදි වෙවී කඳුළු වැල් ගොතා
අනාගතය අතීතයෙන් විළිලන පොළොවේ
ඔබ පමණකි මා නෙත දුටු දෙවියෝ මෙලොවේ

විලක නෙළුම් මට කුමට ද ...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.