වියළී ගිය දෙතනේ නැතwiyalii giya dhethanee naetha

VIiyali Giya Dethane Natha

Music:
ගුණදාස කපුගේgunadhaasa kapugee
Lyrics:
දයාසේන ගුණසිංහdhayaaseena gunasinha

Lyrics

වියළී ගිය දෙතනේ නැත කිරි බිඳුවක් එරුණේ 
වැහැරී ගිය උකුළේ නැත සුව යහනක් සැදුණේ 
කප පවතින තුරු නොනිමෙන සුසුමෙනි සමුගැනුණේ 
හිරු ගිලිහෙන මොහොතක නුඹ මග අයිනක රැඳුණේ 

උපන් බිමට නුඹ වැඩිවා මිසක දුවේ 
වැදූ මවට නුඹ වැඩියක් වී ද දුවේ 
දුක උහුලා ඉන්නට මට හැකිය දුවේ 
නැව් නැගිලා දුරු රටකට යන්න දුවේ 

පෙර කළ මහා පින් මහිමෙනි මේ දෙස උපදින්නේ 
ඉපදෙනු මිස රැඳෙනා පින ඇයි නුඹ සතු නොවුණේ 
දරුවන් ඇස කඳුළින් ළය උණු වන මිනිසුන්නේ 
සරණින් ලොව කොතැනක වුව සැනහෙන් දියණියනේ 

මතු යම් දිනක සිතිවිල්ලෙන් සිටින සඳ 
දෑතක පහස සිහිනෙක මෙන් දැනේවිද 
සිතියම් පොතින් ලොව විමසා බලන සඳ 
කඳුලක හැඩය මහ සයුරේ දකීවිද

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.