විදුලි මිණි පහන්widhuli mini pahan

Viduli Mini Pahan

Lyrics

විදුලි මිණි පහන් දැවී
බොළඳ ගී සිනා රැලි
නිලංකාර අඳුරේ සිර වී
සැඳෑ සාදයේ

කුරා කුහුඹු මිනිසා වෙමි මා
ඔබේ මන්දිරේ //

එන්න කන්න බොන්න මිහිරේ
සැමටයි ආරාධනා
ඔබේ හඬ කිඳී සිඳී යයි
කතා සරිත් සාගරේ //

පුරාගෙන පිරූ හිතේ
විසුළු කෙලි නැටුම් සිනා
යොමා ඇස බලන් යලි 
සොඳුරේ මැදුරු දොර දිහා

දෙන්න කන්න බොන්න නොකියා
දෙනෙතින් ආරාධනා
දෑත පා ඉඳුල් යදී ඇස්
ගයා හංස ගීතිකා //

ඔබේ මන්දිරෙන් එහා
මගේ ලොව බලා හිඳී
පලා යයි ඔබේ ලොවෙන් මා
දෙපා සමු නොදී

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.