වීනාවීwiinaawii

Veenawi

Music:
H M ජයවර්ධනh m jayawardhhana
Lyrics:
රත්න ශ්‍රී විජේසිංහrathna shrii wijeesinha

Lyrics

වීනාවී උර තලයේ රැඳෙන්න
සත් සර රැව් නගන්න වීනාවී...
කොවුලාන...රන් ස්වරයෙන් ගයන්න
මා හද පිරි මදින්න කොවුලාන...

තරු මල් ඉස අහසට නිල් සළු නිල් යහනට
නිදන්න යාවි තරින්දු
කඩුපුල් මල් යායට පෙම් බැඳ ගෙන සුවඳට
නොනිදයි මගේ  බඹරින්දු 

වීනාවී.../

නියගින් තතින් තතට පැන හදවත සොයන්න
අවසර දෙයිද එ ලන්දු 
මා හද මට නැති විට කවුරුද කියන්න මට 
දුක සැප අසන නිරින්දු

වීනාවී.../

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.