වීණා බිඟු වීණාwiinaa bingu wiinaa

Veena Bingu Veena

Music:
ග්‍රේෂන් ආනන්දgreeshan aanandha
Lyrics:
කේ.ඩී.කේ. ධර්මවර්ධනkee.dii.kee. dhharmawardhhana

Lyrics

වීණා බිඟු වීණා
පවසන්නේ ආදරේ
සේනා බිඟු සේනා
විමසන්නේ ආදරේ
නිල් උපුල් සිනා දී 
යදින්නේ ආදරේ...

වීණා බිගු වීණා
පවසන්නේ ආදරේ...

රෑට සසැලෙන්නෙ
පැරදී හැඬූ තාරකා
දෑත ළතවන්නෙ ඒ දෑත
තනි වූ නිසා
සිහින මායාවෙ පැටලීල 
නින්දේ පවා
දෑස විමසන්නෙ 
හුරු දෑස දෝ...

වීණා බිඟු වීණා
පවසන්නේ ආදරේ
සේනා බිඟු සේනා
විමසන්නේ ආදරේ...

සීත සඳ කැල්ම 
කිරි සාගරේ නැවතිලා
වාසනාවන්ත තුරු වැල් 
එතී ළංවෙලා
ප්‍රේම ආලිංගනේ
රංගනේ මත් වෙලා
දෑස නළවන්න 
හිත් වූවදෝ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.