වීණාwiinaa

Veena

Music:
යුකී නවරත්නyukii nawarathna
Lyrics:
යශෝධා අධිකාරිyashoodhhaa adhhikaari

Lyrics

මී මතේ දකිනා
හීනයක් නූන
රෑ සඳේ සයනේ මවා

පෙළුවාද වීණා සඟවා
ඒ ස්වර සේ මා මියැදේ...

දෙතොලේ වෙළුණේ ආදරේ
තුරුළේ වැයුනේ ඒ ස්වරේ
උරගා බැලුවේ ආදරේ නුඹගේ
රතු ලේ පැතුවේ නෑ ළඳේ...

මා තනියම රෑ කලුවර නෑ
මා අභියස නෑ මල්පෙති නෑ තැලුණූ

පෙළුවාද වීණා සඟවා
ඒ ස්වර සේ මා මියැදේ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.