වීදි කොනේ මාවතwiidhi konee maawatha

Veedi Kone Mawatha

Music:
ස්ටැන්ලි පීරිස්staenli piiris
Lyrics:
ආචාර්ය අජන්තා රණසිංහaachaarya ajanthaa ranasinha

Lyrics

වීදි කොනේ මාවත අද්දර
අඬනා කිරිදරුවෝ
කවදා හෝ නුඹ වියපත් වූදා
පියා කොහේදැයි මවගෙන් අසණු එපා

මමත් පියකි පුත නුඹ වැනි දරුවකුගේ
මටත් දැනේ ඔය පොඩි සිත දැවෙන රඟේ
බලා ඉඳිමි මම නුඹ නළවන්නට
පොඩි හිස අතගා 
සුරතල් පුතේ කියා

වීදි කොනේ මාවත අද්දර .../

පියෙක් ඉඳියි පුත නුඹටත් කොතැනක හෝ
පිනක් නැතිද ඒ සෙවණේ ඉන්න අහෝ
සිනාසියන් පුත කිරිදත් පෙන්නා
මා අමතන විට 
සුරතල් පුතේ කියා

වීදි කොනේ මාවත අද්දර .../

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.