වීදි කොණේwiidhi konee

Veedi Kone

Lyrics:
චන්ද්‍රසිරි හෙට්ටිආරච්චිchandhrasiri hettiaarachchi

Lyrics

වීදි කොණේ කඩපිළ මත අපේ පුංචි මාළිගාව
හිරුට හොරෙන් සැඟවී යනවා 
සඳ සිසිල අරන් හෙට ආයෙත් එය ඉදිවෙනවා......

නිදි වැරූ නෙතට මුළු රැය පුරාවට 
කඩපිලේ ඉඳන් සක්විති වෙනවා
උදා හිරුත් සමගින් යළි බිමට වැටෙනවා
ඔටුන්න බිමට වැටෙනවා.......

වීදි කොණේ......

කුස දැරූ අහර නැති ගත විඩාබර
නෙතු කොණින් කඳුළු කැට ගිලිහෙනවා
හිරු නොදුටුව මාළිගාවේ හීන දකිනවා
හැමදා හීන දකිනවා......

වීදි කොණේ.......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.