වරා මලේ (දුර ඈත අනන්තෙක)waraa malee (dhura aetha anantheka)

Vara Male ( Dura Etha Anantheka )

Music:
කසුන් කල්හාරkasun kalhaara
Lyrics:
චරිත දිසානායකcharitha dhisaanaayaka

Lyrics

දුර ඈත අනන්තෙක කඳුළු නිශාවක
ආල වඩන පිනිසර අතරින්
පිබිදුණු සඳ මල අද කොහේදෝ......

පිනි කැට ඉහිරුණු සීතල සුළඟට
පෙති ගිලිහිණිදෝ වරා මලේ
උඩු හුළඟේ ගියාදෝ ඒ පෙති හින්දදෝ
නගෝ තලේ සඳ සැඟව ගියේ.....

දුර ඈත......

ඉකි බිඳ හැඬුවට ඇහැල පිපුණු මල 
නැහැ යළි කිසිදින පුදින්නේ
මාල ගිරාවෝ ඉගිල ගියාවේ
මියැදුන සඳ නෑ යළි එන්නේ......

දුර ඈත......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.