වප් මගුල් පෙළහරwap magul pelahara

Vap Magul Pelahara

Lyrics

රනේරුවට රන් කෙඳි වැට 
වප් මගුලට රන් අබරට 
අන්න බලන් පායනවා 
(දැනේ අමුත්තක් හිත යට)...//

රන් පාට රන් කොඩි ලෙලවා 
චාමර සේසත් ඔසවා 
කෙතට වඩින රජ පෙරහැර   
ආසිරි දේ වප් මගුලට 

සුදොවුන් පිය නිරිඳු බෙලෙන් 
සෙත් වේවා කෙත් යායට 
(මගුල් හීය මහ රජු අත)...// 
(පෙරලෙනවා නැවුම් පොළොව)...//

කෙත අද්දර ලවැලි තලේ 
සුවිසල් දඹ තුරු හෙවනේ 
සූරිය පරයන එළියෙන් 
දහසක් නෙත් වසඟ වුනේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.