Lyrics
ප්‍රේමයේ… දොරගුළු දවා
වෛරයේ…
ගිනිසිළු මතු වුණා…//
කිලිටි නුඹේ මුදු ශරීරයේ
පහස ලබන්නට විනා…
අතැඟිලි පටලන්නද නොසිතෙයි
නුඹ මාහට පිළිකුල් වුණා…
ප්‍රේමයේ……
මියෙන තුරා වෙන් නොවන වගට
කඩදහියෙහි සහතික වුණා…
යමුදුනුවෙ සිට එක් තැන් කරනට
කඩදහියෙහි ඉඩ මදි වුණා…
වෛරෙන් වෛරය නොසන්සිඳෙන මුත්
වෛරෙම සාරය වුණා…
අන් හදකට යහන තනන්නට
නුඹ මට රුකුලක් වුණා…
ප්‍රේමයේ……//