උතුරු කොනේ නුඹ හිනැහෙන්uthuru konee numba hinaehen

Uthuru Kone

Lyrics

උතුරු කොනේ නුඹ හිනැහෙන්
නඩරාජා මල්ලියේ
දකුණු කොනේ නුඹ හිනැහෙන්
සුමනසිරි මල්ලියේ
උතුරු කොනේ නුඹ හිනැහෙන්
සෙල්ලම්මා නංගියේ
දකුණු කොනේ නුඹ හිනැහෙන්
සෙනෙහෙලතා නංගියේ

කොතැනක සිටියත් ඉපැදුණු  මියයන බිම එකනේදෝ
ඒ බිම එක් වී සුරකින යුතුකම
අප සතු නේදෝ

උතුරු කොනේ නුඹ හිනැහෙන්
නඩරාජා මල්ලියේ
දකුණු කොනේ නුඹ හිනැහෙන්
සුමනසිරි මල්ලියේ
උතුරු කොනේ නුඹ හිනැහෙන්
සෙල්ලම්මා නංගියේ
දකුණු කොනේ නුඹ හිනැහෙන්
සෙනෙහෙලතා නංගියේ

එක මවකගෙ දරු කැළ සේ හිනැහී ඉන්නයි සැමදා
නෙතු හමුවට කඳුළැල්ලක් ළං නොමවන්නයි කිසිදා

උතුරු කොනේ නුඹ හිනැහෙන්
නඩරාජා මල්ලියේ
දකුණු කොනේ නුඹ හිනැහෙන්
සුමනසිරි මල්ලියේ
උතුරු කොනේ නුඹ හිනැහෙන්
සෙල්ලම්මා නංගියේ
දකුණු කොනේ නුඹ හිනැහෙන්
සෙනෙහෙලතා නංගියේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.