උතුරින් එන දුම්රියෙuthurin ena dhumriye

Uthurin Ena Dumriye

Lyrics

උතුරින් එන දුම්රියෙ දේවී
කවුළුව ළඟට වෙලා
නොරවන් මට දේවී නැත මා
කිසි වරදක් කරලා //

මාල තෝඩු තාලි සිලම්බු
අමනාපෙන් අහක බලන්නේ//
ඔය නෝක්කඩු බැලුම් යටින්
සෙනෙහසදෝ හඬා වැටෙන්නේ

උතුරින් එන...

ගම හැරදා නුඹ ගියදා
කෝවිල් යන හිත වැළපෙන්නේ//
අපි දෙවියන් සමගයි තව ඉන්නේ
සිනා සිසී ඔබ බිමට බසින්නේ

උතුරින් එන...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.