උසස් පෙළusas pela

Usas Pela

Music:
විනෝද් මැල්පිටියwinoodh maelpitiya
Lyrics:
ධර්මප්‍රිය මුතුකුමාරණdhharmapriya muthukumaarana

Lyrics

දවසින් දවසට සතියෙන් සතියට මාසෙන් මාසෙට කාලේ ගියා
වසරක් ගත වී නව වසරක් 
උසස් පෙළයි මේ එන්නේ මෙලෝ දෙයක් නෑ අපි දන්නේ
විභාගේ දවසට වටින් පිටින් කොළ පුරවා පිළිතුරු එන්නේ.......

ලොකු ලොකු දේවල් අපේ පොඩි පොඩි ඔළු වල
බැරි බර පටවන් අපි ලොකු ලොකු මළු වල
ශිෂ්‍යත්වේ O/Level කියා අපි ඉස්කෝලේ ගියා
යන්තම් අපි O/Level නම් ගොඩ දාගත්තා.......

සෙට් එක බැස්සම පිස්සු ඩබල් වෙන්නේ
ඉන්ටවල් එකේ ගෙදර ආවේ අපි
මැච් එක කාලෙට පිස්සු ත්‍රිබල් වෙන්නේ
ගෙදර ඇවිල්ලා මැච් බැලුවේ අපි
ගේට්ටුවෙන් යන්න බැරි වුණත් 
තාප්පයෙන් අපි යන්නම් බේරි
අද වනතුරු කවදාවත් නෑ අපි වැරදි කළේ.......

දවසින් දවසට........

කියපු කියුම් අපි අමතක වේදෝ
ජාතිය අමතා කතා කරපු හැටි
කරපු කෙරුම් අපි අමතක වේදෝ
ටීචර්ලට මට පහර ගහපු හැටි 
යාළුවෝ ඔක්කොම ෆේස්බුක් එකේ
පාසැල් කාලේ දඟලපු හැටි යළි සිහිවේදෝ.......

දවසින් දවසට........
ලොකු ලොකු දේවල්.......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.