Lyrics
(උපන්දිනය ළඟ එන හින්දා
මාවත් ඇදගෙන මගේ උන්දා
සාරි ගන්නලු අනේ මන්දා සාප්පු ගානේ ගියා.....//)
අර පාරෙන් මේ පාරෙන් රිංගා තවත් පාරකට ආවා
බේසර් වීදියේ තුන්මං හන්දියේ තොමාගේ සාප්පුව දුටුවා
(ඇතුලට පැන්නා පුටුවක් දුන්නා...//)
සාරි පෙරලන්....
ඇද්දා පැද්දා දැම්මා ගැහුවා ඇදලා පැදලා බැලලා
ඒකේ මල් වැඩි මෙකේ තිත් ලොකුයි තව මොන මොනවද කීවා
(මේවත් සාරිද ගෑනුත් අඳීද....//)
කටින් පිටවුණා.....
උපන්දිනය ළඟ....