Lyrics
උපන් ජාති සදා මා ඔබේ යයි කියා
සිතින් පතමි සදාදරියේ මේ රෑ පුරා
කැකුලු හිනැහෙන මෙවන් රෑක හිත් සනසනා
එන්න ඔබ යන්න පවනක්ව හිදිමි බලා
රෝස මල වගේ හිනැහෙන්න දුන් රූසිරී
සුවද විදගන්න අවසරද නොතලා පෙති..//
රෑට පායන්නෙ හැන්දෑවේ තරුවයි තනී
තරුව ඔබ වෙන්න මන් අහස තනිකම නැති.......
මට කියා දෙන්න ඇයි මසිත ඔබ හට ලැදී
සසරෙ කවදාක හෝ ඔබව හමුවී අතී..//
පාට දේදුන්න වාගේ මැකී යන්නැති
ඉතින් මගෙ නේද හැමදාම මේ සදවතී.......