උපන් දිනේ අදයිupan dhinee adhayi

Upan Dine Adayi

Lyrics

උපන් දිනේ අදයි මගේ කොළඹ පුතාගේ
පුතු බලන්න ආවේ මං බැරි බැරි ගාණේ
දිවිය ලෝකෙ වගේ හැඩයි මැඳුර පුතාගේ
නුඹ බලන්න තාත්තට පිනක් නෑ වගේ
උපන් දිනේ අදයි මගේ කොළඹ පුතාගේ

ලොකු ලොකු දේවල් අරගෙන එන උත්තමයන්
ඉංගිරීසි කියාවි කොක් හඬලා හයියෙන්
මං ගෙනාව බුදු පිළිමය දෙන්නට දෝතින්
යන්න දෙන්නෙ නෑ ගේ මුරකරනා ඇත්තන්

උපන් දිනේ අදයි .....

බත් පංගුව දැක්කම දුක් කන්දක් නැගුණා
පුතාට බත් කටක් කවන්නට මට හිතුණා
රුපියල් සීයක් ගෙනැවිත් කවුදෝ දුන්නා
බුදු පිළිමය අරගෙන මට යන්නයි කිව්වා

උපන් දිනේ අදයි .....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.