Lyrics
නාඩන්න රත්තරනේ සමුගමු හිත හදාගෙන
හෙට ඉඳන් අපි දෙදෙනා හුරුවෙමු හුදෙකලාවට
ඔබෙ නමේ අවසානයට මගෙ වාසගම යා කරන
ලස්සන නිමාවක් නෑ මගෙ ආදර කතාවට
(උපමාවක් කලොත් හිතේ
ඔබ හට තියෙන ආදරේ
ගනිනට බැරි තරම් තිබේ
වැලි කැට වාගෙ සාගරේ)..//
මතකයිද පොද වැස්සක අපි දෙන්න ඉස්සර
එක කුඩය යට හිටියා දැවටී ගෙන
පණ එන්න කියමින් මියගිය ඒ අතීතෙට
අපි හිඳිමු නොකිලිටි පාරමිතාවක
ඔබෙ නමේ අවසානයට....
වෙන් වෙන්න මත්තෙන් එක සැරයක් බදා ගෙන
හුරුබුහුටි ඔය සුදු මුහුණ බලාගෙන
පවසන්න දහසක් දේ තිබුනාට දුක්බර
නොදොඩා හිදින්නම් කාලෙට ඉඩ හැර
ඔබෙ නමේ අවසානයට....