Lyrics
උණූහූම මටම දිදී
ඈ හීතලේ නිදි
නෑ තව දුක් කන්ද නිම්මා
තුන් ලෝකයම රැකී
ඈ මහ පිරීත වැනි
සසරම අත් නොහරි අම්මා....
ආදර මව්වරුනේ මහමායාවරුනේ
සුවඳයි මව් සෙනෙහේ ජීවිතේ....
අපි හන්දා මැරි මැරී
ගිනි හංගා කුසයට නින්දා ඉවසගන්නේ රන් හිරු සේ
නෙත් යුග නොම වැසූ
දරු දුක කෑ ගසා
අදුරේ විරිය දෙයී ඒ ආදරේ
ආදර මව්වරුනේ මහමායවරුනේ
සුවඳයි මව් සෙනෙහේ ජීවිතේ....
උණූහූම මටම දිදී..........