Lyrics
නාඳුනනා සුභ හීනේ සුව මැව්ව සුරඟන නුඹදෝ
හාද වෙලා මල් වාරේ වස්සාන උණුහුම මගෙදෝ
මගේ වාගේ දැනුණා නෙතු වින්ද මොහොතේ හා
භව ගාණක් රැඳුනා එක හීනයක මා
පුදුමයි අද ළඳුනේ නුඹ මාගේ වෙලා
සතුටින් ඇස් තෙමුණා දුටුවාදෝ මන්දා
ළඟ රැඳෙමි මා දිවි තුරා මම රකිනවා පණ සදා.......
දෑස අයා ළඟ ඉන්නම් පිළිගන්න මාගේ සෙනෙනේ
පාළු පුරමි මං කවදත් අදහන්න බැරි වෙන තරමේ
මගේ වාගේ දැනුණා නෙතු වින්ද මා හිතේ හා
භව ගාණක් රැඳුණා එක හීනයක මා......
(පුදුමයි අද ළඳුනේ නුඹ මාගේ වෙලා
සතුටින් ඇස් තෙමුණා දුටුවාදෝ මන්දා
ළඟ රැඳෙමි මා දිවි තුරා මම රකිනවා පණ සදා.......///)