Lyrics
උණු කඳුලක් වී දෑසේ
ඇයි ඉන්නේ හොර රහසේ
හැඬුවාම දැනුනාද මගෙ ආදරේ//
හද වේදනාවෙන් වැළපී යයි
ඔබ තාම දන්නෑ මගෙ ආදරේ...
කුළුදුල් ආලේ රස කළෙමි
ළමැදේ හංගා ගුලි කළෙමි
සරසවි උයනේ හැන්ගීලා
පෙම් කල සිහිනේ බොඳවීලා
වෙන හදකට ඔබ පෙම් බැඳලා...
උණු කඳුලක් වී දෑසේ... /
ඔබ නම් නෑ මට තව අයිතී
අදහන්නේ නෑ හිත ගලකී
මගෙ මිතුරිය හා ඉගිලීලා
ඔබ යයි මා නෙතු රවටා
ඉකි ගසනා හද හඬවලා
උණු කඳුලක් වී දෑසේ... /