උන්මාද චිත්‍රාunmaadha chithraa

Unmada Chithra

Music:
යසස් මැදගෙදරyasas maedhagedhara
Lyrics:
මිලින්ද මාධව පෙරේරාmilindha maadhhawa pereeraa

Lyrics

(උන්මාද චිත්‍රා පෙම්වන්ති චිත්‍රා
තනි කුටියේ කඳුළින්ද මා ගැන සිතා...//)
(රනින් නෙතු ටැම්ගෙයයි දිලිසුනේ
හඬයි සත් සවනතම මුසුකළේ
නොහඬන්න දේවි කුමරා එයි දිනේ...//)
(පන්සිලු වන්නේ කන්කලු බන්දේ
හමුවෙමු අපි නිර්වාණේ...//)

(උන්මාද චිත්‍රා රණහංස රූපා
තනි කුටියෙ කඳුළින්ද මා ගැන සිතා...//)
(සමුදුර තොටුපළ රැලි නැගුනේ
සුවදට මද නලයි විසිකලේ
සැඟවෙන්න දේවි පඩු එයි මතු දිනේ...//)
(පන්සිලු වන්නේ කන්කලු බන්දේ
හමුවෙමු අපි නිර්වාණේ...//)

නාදලු පැටලේ
මීවිත සැපයට නැලවේ
ඔබ ගෙල දං ගෙඩිය රසවන්ත වේ
මැකෙනා රූපේ පාට පෙනි පෙනි 
ආලවන්ත වේ ආලේ වේ

(රනින් නෙතු ටැම්ගෙයයි දිලිසුනේ
හඬයි සත් සවනතම මුසුකළේ
නොහඬන්න දේවි කුමරා එයි දිනේ...//)
(පන්සිලු වන්නේ කන්කලු බන්දේ
හමුවෙමු අපි නිර්වාණේ...//)

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.