උමතු කලා මාumathu kalaa maa

Umathu Kala Ma

Lyrics

උමතු කලා මා උමතු කලා
ආදරයෙන් මා උමතු කලා
නිගා කලා ඔබ නිගා කලා
ඒ ආදරයට ඔබ නිගා කලා

ඇ ඉතිරි කලේ එක උණු කදුළක් පමණයි
මගෙ කුසලානය තුල තිබුනේ විෂ මධුවයි
මුව රැදුනේ හීසැර වන් සරදම් වචනයි
ඔබ විහිළු කලේ මගෙ ජීවිතයක් සමගයි

උමතු කලා මා ....

ජය ලතාවකට කල ඉගි බිගි හරි සොඳුරුයි
තව වතාවකට ඒ ඉගියම හරි කුරිරුයි
නව කතා වගෙයි කල කතා හරිම මියුරුයි
ඔබ ඉතා රසට ගෙතු මුසා වදන් රුදුරුයි

උමතු කලා මා ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.