උලත් එකයි පිළත් එකයිulath ekayi pilath ekayi

Ulath Ekai Pilath Ekai

Lyrics

උලත් එකයි පිළත් එකයි 
මළත් එකයි නැතත් එකයි 
අපි හැමදා සොමියේ ඉන්නවා 
දෙයියෝ දනී අපි නොදනී 
මැරෙන දවස කව්රු කියනවා 
ඇතත් එකයි නැතත් එකයි 
ළඟත් එකයි දුරත් එකයි 
මඩ කාලයි මෙතෙන්ට ආවේ
නගේ මලේ ඇලේ දොළේ 
අපේ කටහඬ තාම ඇහෙනවා 

කිව්වට කිව්වට ගී වැල් ගොතලා 
කියනවා කියනවා සීපද හදලා
ආදරේට ඕන දෙයක් කරන්න හැකිලු 
සල්ලි නැතත් රජ වෙනවාලු

පව්රු බැඳලා අකුල් හෙලලා ආදරයක් එපා කපන්න 
අඩිය අඩිය තියල නගින මිනිහා දිහා එපා රවන්න 
(අපිත් එක්ක ඔබ අවොත් හිනා වෙනවා හැමදාමත් 
මේ කියන්නේ ඇත්තයි මල්ලී..//)

උලත් එකයි පිළත් එකයි....

අනාගතය කොහොම වෙයිද 
හිතලා හිතලා ඇයිද තැවෙන්නේ 
බැංකු පොතේ සතේ නැතේ කියා ඇයිද 
හිතින් හඬන්නේ 
(අපිත් එක්ක ඔබ අවොත් හිනා වෙනවා හැමදාමත් 
මේ කියන්නේ ඇත්තයි මල්ලී..//)

උලත් එකයි පිළත් එකයි....

කිව්වට කිව්වට ගී වැල් ගොතලා 
කියනවා කියනවා සීපද හදලා
(ආදරේට ඕන දෙයක් කරන්න හැකිලු 
සල්ලි නැතත් රජ වෙනවාලු..////)

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.