උළලේනෝulaleenoo

Ulaleenoo

Lyrics

පාළුව දෙවනත් කරලා
නාඬන් උළලේනෝ..
කාටත් නපුරු දා තනිකම් ඇතිවෙනවා
උළලේනෝ...‍උළලේනෝ..

හීත හුලංහිරිකඩයි කැලේ අපට උරුමේ
උඹට පිහාටුයි මට පැල්පතයි තියෙන්නේ...
උළලේනෝ....‍උළලේනෝ...

ඉහිරුණ කිරි කොතලෙට ඉකි බිඳලා ඵල නැහැ
උඹටත් එක්කයි මේ පැල් කවිය කියන්නේ..
උළලේනෝ....‍උළලේනෝ...

සංසාරේ හැටි තමයි වියෝග ඇති වන්නේ
නිවනට ගිය දා මේ හැම ‍දුක් නැතිවන්නේ...
උළලේනෝ....‍උළලේනෝ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.