උකුලට නාවත්ukulata naawath

Ukulata Nawath

Music:
රූකාන්ත ගුණතිලකruukaantha gunathilaka
Lyrics:
ආචාර්ය අජන්තා රණසිංහaachaarya ajanthaa ranasinha

Lyrics

උකුලට නාවත් එදා වගේ
මා ඔබෙ පුතු අම්මේ
යොදුනක් ඈතින් උන්නත් මා
මා ඔබ ළඟ අම්මේ//

කටු කොහොලින් පිරි මට හිමි ලොකේ
ඔබ සරණයි අම්මේ
රෑ දහවල් මට හෙවනැල්ලක් වී
සුවඳ ඔබේ අම්මේ
මා ඔබ ළඟඅම්මේ

උකුලට නාවත්...

අත පය දෑඩිවි වෑඩිහිටි වූ මා
ඔබ සෙවනේ අම්මේ
කුරා කුහුඹුවෙකි දිය රෑස් දහරේ
මතු මතුදා අම්මේ
මා ඔබ ළඟ අම්මේ……

උකුලට නාවත්...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.