උක් දඬු uk dhandu

Uk Dandu

Music:
ස්ටැන්ලි පීරිස්staenli piiris
Lyrics:
සුනිල් ආරියරත්නsunil aariyarathna

Lyrics

උක්දඬු කොතරම් තිබුණත් හිඟුරානේ
කවුදෝ උක්දඬු දුනනක් මානන්නේ
මල්සර දූවරු පිච්චෙයි අව්ගින්නේ
මල්සර හැංගී වාගෙයි උක් ගොන්නේ
උක්දඬු කොතරම් තිබුනත් හිඟුරානේ...

උක්ගස් වල කොළ වලට කැපී 
සිරුර රිදී දනවා අයියෝ
ඉඳි කොළ තොප්පිය යටට එබී 
මූණ හපනවා ඉරු දෙයියෝ...

උක්දඬු කොතරම්...

දෙපතුල් ඇවිලෙන ගිනි ජාලා 
ඉරමුදුනේ බුර බුරා නටයි 
සොච්චමකට ඇඟ ලේ දන් දී 
උක් යායට යෞවනය දිරයි...

උක්දඬු කොතරම්...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.