උඩු ගුවන යටින්udu guwana yatin

Udu Guwana Yatin

Lyrics

උඩු ගුවන යටින්
මහ දෙරණ පිටින්
හැම මුවගින් පිටවෙන්නේ
අපෙ ආදර කතන්දරේ
අපෙ ආදර කතන්දරේ

පෙති ඇරෙන මලේ
දිය පිරෙන විලේ
මුලු දවසෙම පැවසෙන්නේ
අපෙ ආදර කතන්දරේ
අපෙ ආදර කතන්දරේ

සිතිජය අතරේ
ගං රළ පතරේ
දස දිගතේ විහිදෙන්නේ
සිතිජය අතරේ
ගං රළ පතරේ
දස දිගතේ විහිදෙන්නේ
අපෙ ආදර කතන්දරේ
අපෙ ආදර කතන්දරේ

උඩු ගුවන යටින්
මහ දෙරණ පිටින්
හැම මුවගින් පිටවෙන්නේ
අපෙ ආදර කතන්දරේ
අපෙ ආදර කතන්දරේ

වන විහග තුඩින්
බට පදුරු උඩින්
එබිකම්කොට සැගවෙන්නේ
වන විහග තුඩින්
බට පදුරු උඩින්
එබිකම්කොට සැගවෙන්නේ
අපෙ ආදර කතන්දරේ
අපෙ ආදර කතන්දරේ

උඩු ගුවන යටින්
මහ දෙරණ පිටින්
හැම මුවගින් පිටවෙන්නේ
අපෙ ආදර කතන්දරේ
අපෙ ආදර කතන්දරේ

පෙති ඇරෙන මලේ
දිය පිරෙන විලේ
මුලු දවසෙම පැවසෙන්නේ
අපෙ ආදර කතන්දරේ
අපෙ ආදර කතන්දරේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.