උදේ හවා මල් පිදුවටudhee hawaa mal pidhuwata

Ude Hawa Mal Piduwata

Lyrics

උදේ හවා මල් පිදුවට බුදු කුටියේ
අපි නිවන් යන්නෙ කොහොමද මගෙ පොඩි මැණිකේ
අපේ පැටව් ගියත් ගමේ නන්නත්තාරේ
පුළුවන්ද මැණිකෙ නිවන් යන්න පැටව් පව් අනේ

කැලෑසියෙන් කැලෑසියට යන්නට ඉහළට
කොලීජියෙන් කොලීජියට දැම්මත් ලොකුවට
අපි මොනව කරන්නද මැණිකේ අපේ කරුමටෙ
නැහැදිච්ච පැටව් වුණේ අපේ පැටව්මද

උදේ හවා මල් පිදුවට .....

බත් මුට්ටිය තරහ වුනත් මොනව කරන්නද
බත් ගිලෙන්නෙ නෑ මැණිකේ මගෙ උගුරෙන් පහළට
නැහැදිච්ච එවුන් වුනත් අපේ දරුවො මරන්නද
අපි උන්ව නිවන් අරිමු දීලා අපේ පින

උදේ හවා මල් පිදුවට ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.